නව ජල සැපයුම් ලබා ගැනීමට ඉල්ලුම් කිරිමේ ක්‍රියාවලිය මාර්ගගතව (Online) සිදුකිරීමට පහසුකම් සලසා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව www.waterboard.lk යන වෙබ් අඩවියට පිවිසීම මඟින් ඒ සඳහා අයදුම් කළ හැකි බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
ඉල්ලීම කර සති දෙකක් ගතවීමට පෙර නව ජල සබඳතාව ලබාදෙන බවත් ඊට අදාළ නියමු ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මක බවද එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
