අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ නිවසකට අද (31) අලුයම පැමිණි යතුරුපැදිකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර ඔහුව ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා ඇත්තේ කොග්ගල්ල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
කලක සිට තුවාලකරු වෙනත් පාර්ශවයක් සමඟ ඇතිව තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටත්, වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් භාවිතා කර ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇත.
සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
