කැලණිය සරසවියේ සේවයේ නියුතුව සිටි තවත් ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ජීවිතයෙන් සමුගෙන තිබේ.
මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යනාංශයේ කථිකාචාර්ය රුසිරු චිත්‍රසේන මහතාගේ හදිසි අභාවයි.
පෙරේදා (29) දිනයේ ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් තරුණ කථිකාචාර්යවරයා දිවියෙන් සමුගෙන ඇත.
36 හැවිරිදි රුසිරු මහතා සිය ආචාර්ය උපාධියේ අධ්‍යන කටයුතු නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සිදුකරමින් සිටින අතරතුර දී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයට සමු දී තිබේ.
පසුගිය 18 වනදා රාත්‍රියේදී සිදුවූ හදිසි අනතුරකින් කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතාද ජීවිතක්ෂයට පත්විය.
එම අනතුරින් ඔහුගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරාද මියගිය අතර මියයන විට ඒ මහතා 46 වන වියේ පසුවුණි.
මේ අතර, පසුගිය 21 වනදා කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීලක්ෂි ප්‍රේමවර්ධන මහත්මිය සිය දියෙන් සමුගෙන තිබුණි.
මියයන විට ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරිය 59 වන වියේ පසුවිය.
