Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශබන්දු තෙන්නකෝන් ඉල්ලා අස්වෙයි ?

2 years ago

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව විවාදයට ගැනීමට පෙර ඔහු එම තනතුරින් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

යෝජනාව සම්මතවී තනතුරින් ඉවත් කිරීමට පෙර මෙසේ ඉවත්වීමෙන් යම් ගෞරවනීය තත්වයක් ඇති කර ගත හැකි බව ඔහුගේ හිතවතුන් දේශබන්දු තෙන්නකෝන් මහතාට පෙන්වා දී ඇතැයි එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මේ අතර අධිකරණයේ විනිශ්චයට භාජනය වෙමින් පවතින හෝ අධිකරණයේ තීන්දුව දීමට නියමිතව තිබෙන යම් කාරණයක් පිළිබඳව මන්ත්‍රීවරෙකු විසින් ඉදිරිපත් කරන යෝජනාවක සඳහන් නොකළ යුතු යැයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වන හෙයින් යෝජනාව විවාදයට ගැනීමට නීතිමය බාධාවක් මතුවන බව නීති විශාරදයෝ පවසති.

නවතම පුවත් (Latest News)