Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

2 years ago

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව 6 ශ්‍රේණියට ඇතුළත් වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09 දින සිට 2025.04.30 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) භාවිතා කරමින් http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ සිදු කළ හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.

උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා යොමු කිරීමේ හැකියාව පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ සඳහා උපදෙස් මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස ලබා ගත හැකියි.

නවතම පුවත් (Latest News)