වියට්නාමයේ සංචාරක බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අතුරුදහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
අනතුරට පත්වන විට මෙම බෝට්ටුව තුළ පුද්ගලයින් 53 දෙනෙකු සිට ඇති අතර ඉන් පුද්ගලයින් 11 දෙනෙකු දිවි ගලවාගෙන තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මගීන්ගෙන් බහුතරයක් හැනොයි අගනුවර සිට පැමිණි වියට්නාම් පවුල් බවද සඳහන් වේ.
මේ අතර අතුරුදන් වුවන් සෙවීමට කාලගුණයෙන් බාධා එල්ල වී ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අනතුරින් මිය ගිය බොහෝ පිරිස අතුරින් 8 දෙනෙකු ළමුන් බවය.
