බංග්ලාදේශයේ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් ඩකා අගනුවර පාසල් පරිශ්රයකට කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් ළමුන් 16ක් ඇතුළුව පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද සඳහන් වේ.
බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් අද (21) පස්වරුවේ ඩකා නගරයේ උතුරු උත්තරා ප්‍රදේශයේ පාසල් භූමියකට කඩා වැටුණා.
බංග්ලාදේශ හමුදාවේ මහජන සම්බන්ධතා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ, කඩා වැටුණු F-7 BGI වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදාවට අයත් එකක් බවයි.
