Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 4 දෙනෙකුට දිවි අහිමි වෙයි

1 year ago

ඉන්දියාවේ රාජස්ථානයේ ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසල් ගොඩනැගිල්ලක් අද (25) කඩා වැටීමෙන් අවම වශයෙන් ළමුන් හතර දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම තවත් බොහෝ දෙනෙක් සුන්බුන් අතර සිරවී සිටින බවටයි සඳහන් වෙන්නේ.

මෙම ගොඩනැගිල්ලේ වහලය කඩා වැටෙන විට ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 40ක් පමණ පරිශ්‍රයේ සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

සිරවී සිටින සිසුන්, ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් බේරා ගැනීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

නවතම පුවත් (Latest News)