චීනය සහ පාකිස්ථානය අතර ආර්ථික සහයෝගීතාව තවත් ඉදිරි පියවරකට රැගෙන යමින් චීන BYD විද්යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ලබන වසරේදී පාකිස්ථානයේ විවෘත කෙරෙන බව එම සමාගම සඳහන් කරයි.
එහිදී සම්පූර්ණ විද්යුත් වාහන මෙන්ම හයිබ්රිඩ් වාහනද එකලස් කරන්න BYD සමාගම අපේක්ෂා කරයි.
නැගී එන වෙළෙඳපොළවල චීන විද්යුත් වාහනවලට පවතින්නේ ඉහළ ඉල්ලුමකි.
විද්යුත් වාහන නිෂ්පාදනය සඳහා දිරිගැන්වීම් සිදුකරන්නත් පාකිස්තාන රජය මේ වනවිට පියවර ගෙන තිබේ.
ලෝකයේ විශාලතම විද්යුත් වාහන නිෂ්පාදකයා වන BYD පාකිස්තානයේ ඉදිකරන කර්මාන්තශාලාව මඟින් වසරකට වාහන 25,000ක් නිෂ්පාදනය කරන්න සැලසුම් කරයි.
