Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තායිලන්ත සහ කාම්බෝජ දේශසීමා ගැටුම් නරක අතට! තායිලන්තය දිස්ත්‍රික්ක 8 ක යුද නීතිය ප්‍රකාශයට පත් කරයි!

1 year ago

තායිලන්තය මීට මොහොතකට පෙර යුද නීතිය ප්‍රකාශයට පත් කළ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව කාම්බෝජ දේශසීමාවේ තායිලන්තයට අයත් දිස්ත්‍රික්ක 08ක් සඳහා එම යුද නීතිය පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

එහිදී, චන්තබුරි සහ ට්‍රැට් පළාත්වල හමුදා දේශසීමා ආරක්ෂක අණදෙන නිලධාරි අපිචාර්ට් සප්‍රසර්ට්, චන්තබුරි හි දිස්ත්‍රික්ක හතක සහ ට්‍රැට් හි එක් දිස්ත්‍රික්කයක “යුධ නීතිය දැන් ක්‍රියාත්මකයි” යනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුවැන්ග් චන්තබුරි, තා මායි, මඛම්, ලීම් සිං, කෙන්ග් හැන්ග් මේව්, නා යායි අම්, ඛාඕ කිචකුට් සහ ඛාඕ සමින් යන දිස්ත්‍රික්ක සඳහා එම නීතිය ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.

දීර්ඝ කාලයක් පුරාවට පැවැති දේශසීමා ආරවුලක් හේතුවෙන් ඊයේ දිනයේ ජෙට් යානා, කාලතුවක්කු, ටැංකි සහ ගොඩබිම් භටයින් සමග දැඩි සටනක් දක්වා වර්ධනය වී ඇති අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයද මෙම ගැටුම් සම්බන්ධව හදිසි සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබුණි.

එම වාතාවරණය මධ්‍යයේ අද (25) සවස සිට තායිලන්ත හමුදා දේශසීමා අණදෙන නිලධාරිවරයෙකු විසින් කාම්බෝජය සමග මායිමේ පිහිටි දිස්ත්‍රික්ක 08ක් සඳහා මෙලෙස යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර තායිලන්තය සිය දේශසීමා ප්‍රදේශවලින් 138,000කට අධික පිරිසක් ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එමෙන්ම තායිලන්තයේ ස්වභාවික සම්පත් හා පරිසර අමාත්‍යාංශය කාම්බෝජ දේශසීමාවේ ආරක්ෂිත ප්‍රදේශ 06ක් වසා දැමීමටද නියෝග කර ඇති අතර ඒ අනුව එම ප්‍රදේශයේ ඇති ජාතික වනෝද්‍යාන 06ක්ද වසා දැමීමට තායිලන්තය පියවර ගෙන තිබේ.

නවතම පුවත් (Latest News)