දින දෙකක දේශසීමා සටන්වලින් පසුව, කාම්බෝජය තායිලන්තය සමග “වහාම” සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ පැවසුවේ තම රට “කොන්දේසි විරහිතව” සටන් විරාමයක් ඉල්ලා සිටි බවත්, නොම් පෙන් “ආරවුලට සාමකාමී විසඳුමක්” අවශ්‍ය බවත්.
කෙසේ වුවත් සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් තායිලන්තය ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති අතර ඔවුන් මේ වනවිටත් කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත්කර ඇත.
මෙම යුද ගැටුම් හේතුවෙන් දෙරටේම අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තවත් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී සිටියි.
