Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියන් සාගරයේ සිදුවු භූකම්පනයෙන් ලංකාවට බලපෑමක් තිබෙනවාද? භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් පැහැදිලි කිරීමක්

1 year ago

අද (29) උදෑසන අන්දමන් සහ නිකොබාර් දුපත් ආසන්නයේ බොංගාල බොක්කෙහි රික්ටර් පරිමාණ 6.3ක භූකම්පනයක් ඇති වුණි.

ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව, භූකම්පනයේ ගැඹුර කිලෝමීටර 10ක් විය.

එම භූකම්පනයෙන් පසුව ප්‍රබල පසු කම්පන කිහිපයක් වාර්තා වී ඇති අතර, කිසිදු දේපොළ හෝ ජීවිත හානියක් වාර්තා වී නොමැත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, දීපානි වීරකෝන් මහත්මිය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ඉන් බලපෑමක් නොමැති බවය.

ලංකාවට කිලෝමීටර් 260කට ආසන්නයේ මෙම භූකම්පනය හට ගෙන ඇති අතර, එහි ප්‍රබලත්වය ලංකාවේ රික්ටර් පරිමාණ 6.6 ලෙස සටහන්ව ඇතැයි ද ඇය පැවසීය.

නවතම පුවත් (Latest News)