“ඔය හැමෝටම ගෙවල් තියෙනවා..!
එයාලා ඒ ගෙවල්වලට ගියානම් හරි..”
එස්.බී.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබා දී තිබෙන වරප්‍රසාද ඉවත් කිරීම සදහා වන පනත් කෙටුම්පත පෙරේදා දිනයේ දී ගැසට් කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකගෙන් කළ විමසීමක දී ඔහු පවසා සිටියේ, හිටපු ජනාධිපතිවරු සියළු දෙනාටම පාහේ ඔවුන්ගේම වූ නිවාස ඇති නිසා, රජයෙන් ලබා දී ඇති නිවාස වලින් ඉවත් වීම සුදුසු බවයි.
හිටපු ජනාධිපතිවරු, බලය අවභාවිතා කරමින්, ඔවුන්ට රජයෙන් ලබා දී තිබෙන නිවාස, නිවාස සංකීර්ණ බවට පත් කරගෙන ඇති බවටද හිටපු අමාත්‍යවරයා චෝදනා කරයි.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන්ට යම් ආරක්ෂාවක් සහ කාර්ය මණ්ඩලයක් ලබා දීම සුදුසු බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.
එමෙන්ම, විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබා දෙන විශ්‍රාම වැටුප යම් ප්‍රමාණයකින් වැඩි කිරීම සුදුසු බවද ඔහු යෝජනා කළේ ය.
