Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ තීරණයට එරෙහිව රනිල් – මෛත්‍රී එක්ව කඳවුරු බඳී

1 year ago

හිටපු ජනාධිපතිවරුන්ට ලබා දෙන වරප්‍රසාද කප්පාදු කිරීමට අදාල පනත් කෙටුම්පත පසුගිය දා ගැසට් කෙරුණි.

එම යෝජිත වරප්‍රසාද කප්පාදුවට එරෙහිව එක්ව කටයුතු කිරීමට, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

ඒ අනුව, ඔවුන් දෙදෙනා නීතීඥ කණ්ඩායමක් ද සමඟ මුණ ගැසී තිබෙන බව පැවසේ. 

අදාල පනත් කෙටුම්පත සම්මත වුවහොත්, ඔවුන්ට හිමි විශ්‍රාම වැටුප හැර ලබාදෙන අනෙකුත් සියළු වරප්‍රසාද අහිමිව යාමට නියමිත ය.

එමෙන්ම ඔවුන් මියයාමෙන් පසුව කලත්‍රයන්ට හිමිවන විශ්‍රාම දීමනා හිමිකමද නතර කිරීමට යෝජනා කර තිබේ. 

ගෙන ඒමට නියමිත පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට රනිල් මෛත්‍රී සුසංයෝගය තීරණය කර තිබෙන අතර, ඊට පෙර, කලාපයේ අනෙකුත් රටවල විශ්‍රාමික රාජ්‍ය නායකයන්ට හිමි වරප්‍රසාද පිළිබදව වාර්තාවක් සකස් කිරීමට නියමිත බව සඳහන්. 

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුව ජාතික ජනබලවේග රජයේ මැතිවරණ පොරොන්දුවකි. 

නවතම පුවත් (Latest News)