Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංක්‍රමණික යාත්‍රාවක් පෙරළී 68ක් මරුට! 74ක් අතුරුදන්!

1 year ago

යේමනයේ වෙරළට ඔබ්බෙන් 154 දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරළී ගොස් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 68ක් මියගොස් තිබේ.

ඒඩන් බොක්කේ දී පුද්ගලයින් 154 දෙනෙකු රැගත් බෝට්ටුවක් මෙලෙස පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සිද්ධියෙන් තවත් 74 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් 12 දෙනෙකු පමණක් දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ඉතියෝපියානු ජාතිකයන් යැයි විශ්වාස කරන බව ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) වාර්තා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ (03) මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වේ.

නවතම පුවත් (Latest News)