Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ආණ්ඩුවේ ප්‍රබලයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂයෙන් තීරණයක්

1 year ago

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බව වාර්තා වේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) සවස රැස් වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු සාධාරණව සිදු කරගෙන යාම සඳහා අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරීම බාධාවක් බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම මීට අමතරව තවත් කාරණා කිහිපයක් සැලකිල්ලට ගෙන මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී අරුණ ජයසේකර මහතා නැගෙනහිර පළාත් ආඥාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

නවතම පුවත් (Latest News)