පාර්ලිමේන්තුවේ රාජ්ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) කමිටුවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී කබීර් හෂීම්ගේ නම යෝජනා කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
ඒ අනුව කෝපා කමිටුවේ සභාපති ලෙස කබීර් හෂීම්ගේ නම පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ඉදිරිපත් කරන බවද රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවා.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් අද (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදීමට වත්මන් ආණ්ඩුව එකඟ වී ඇති හෙයින් මෙලෙස ඉල්ලා අස්වන බවයි අරවින්ද සෙනරත් කියා සිටියේ.
