Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අතුරුදහන් බව කිවූ චිචිගේ රොකට්ටුව හමුවෙයි! වාර්ෂිකව බිලියන ගණනක ආදායමක් ලබන බව අගමැතිනිය හෙළිකරයි!

1 year ago

SupremeSAT සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකාව රජයේ කිසිදු මුදලක් ආයෝජනය කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී ඩි.වී. චානක විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ SupremeSAT සමාගම 2012 වසරේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමකට එළඹුණු බවයි.

ඒ අනුව, 2013-2014 කාලය තුළ එම ආයතනය රුපියල් දොළොස් මිලියන එක්ලක්ෂ හාරදහස් නවසිය තිස් හයක් (රු. 12,104,936) සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති බවත්, සමාගම ඉදිරිපත් කළ ආයෝජන අයදුම්පතෙහි තොරතුරු අනුව මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය මුදල් ආයෝජනය කර නොමැති බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවා.

එසේම රුපියල් මිලියන එක්දාස් අටසිය විසි අටක ආයෝජනයක් සහිතව මහනුවර කාර්මික උද්‍යානයේ චන්ද්‍රිකා පද්ධතියක් පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා 2012-05-23 දින සුප්‍රීම් SHST පෞද්ගලික සමාගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇති බවද අගමැතිවරිය ප්‍රකාශ කළා.

ආයෝජන මණ්ඩලය සතු වාර්තා අනුව ශ්‍රී ලංකාවට මූල්‍ය ප්‍රතිලාභ ලෙස SupremeSAT සමාගම විසින් ලැබූ ආදායම් පහත පරිදි වන බවයි අග්‍රමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

* 2015-2016: රුපියල් මිලියන 19,617 ක්, 
* 2016-2017: රුපියල් මිලියන 28,133 ක්, 
* 2017-2018: රුපියල් මිලියන 29,106 ක්,  
* 2018-2019: රුපියල් මිලියන 34,169 ක්, 
* 2019-2020: රුපියල් මිලියන 42,960 ක්, 
* 2020-2021: රුපියල් මිලියන 62,545 ක්, 
* 2021-2022: රුපියල් මිලියන  87,789 ක්, 
* 2023 පළමු මාස හය තුළ රුපියල් මිලියන 39,590 ක්.

නවතම පුවත් (Latest News)