නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා එම සංගමය ස්ථාපිත කිරීමේ රැස්වීම පසුගියදා (05) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා.
එම අවස්ථාවට ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් සහභාගී විය.
එහිදී, පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් මහතා ශ්‍රී ලංකා – පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වුණා.
මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර වෙළඳ, අධ්‍යාපනික, ආරක්ෂක ඇතුළු අංශ ඔස්සේ මෙන්ම සහ දෙරට ජනතාව අතර පවතින පුළුල් සබඳතාවය සිහිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවට පාකිස්ථානය දක්වන අඛණ්ඩ සහයෝගයට කෘතඥතාව පළ කළ කථානායකවරයා, මිත්‍රත්ව සංගමය නැවත පිහිටුවීම මෙම මිතුදම ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් බව අවධාරණය කළා.
