Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමෙරිකාව පැනවූ අතිරේක තීරු බද්දට ඉන්දියාව ප්‍රතිචාර දක්වයි! කිසිවිටෙකත් හිස නොනමන බව කියයි!

1 year ago

ඉන්දියාව විසින් රුසියාවෙන් සිදුකරන තෙල් සහ ආයුධ මිලදී ගැනීම්වලට විරෝධය පළකිරීමක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට අමතර 25%ක තීරු බද්දක් පනවනු ලැබුවා.

ඒ අනුව අමෙරිකාව විසින් ඉන්දියාවට පැන වූ සමස්ත බදු ප්‍රතිශතය 50%ක් දක්වා ඉහළ ගියේය.

එක්සත් ජනපද විසින් පැනවූ අතිරේක තීරු බද්ද සම්බන්ධයෙන් ඉන්දියාව මේ වනවිට සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ, නව තීරු පැනවීම සම්පූර්ණයෙන් අසාධාරණ සහ කිසිදු පදනමක් නොමැති බවත් රුසියාවෙන් සිදුකෙරෙන තෙල් ආනයනය සම්බන්ධයෙන් ඉතා පැහැදිලිව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර ඇති බවයි.

මේ අතර මෙම නව තීරු බදු පැනවීම සම්බන්ධයෙන් ඉන්දීය කර්මාන්තකරුවෙකුවන හර්ෂ් ගොඑන්කා පවසන්නේ ඉන්දියාව කිසිවෙකුටවත් හිස නොනමන බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාවට එරෙහිව නව තීරුබදු පැනවීමෙන් පසු, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දැඩි පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ඉන්දියාව කිසිවිටෙකත් තම ගොවීන්ගේ සහ ධීවරයින්ගේ අයිතිවාසිකම් පාවා නොදෙන බවයි.

දෙවන වරටත් පනවා ඇති මෙම තීරුබදු හේතුවෙන් “පුද්ගලිකව තමාට විශාල වන්දියක් ගෙවීමට සිදුවන බව” දැන සිටියද, ගොවීන් වෙනුවෙන් ඒ සඳහා සූදානම් බවයි මෝදි මෙහිදී පවසා සිටියේ.

අගමැති මෝදි මේ පිළිබඳව සඳාහන්කර සිටියේ දිල්ලියේ පැවති MS ස්වාමිනාදන් ශත සංවත්සර ජාත්‍යන්තර සම්මන්ත්‍රණයට එක්වෙමින්

නවතම පුවත් (Latest News)