Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු මහ ඇමති මහීපාල හේරත් සිදු කළ මගඩියක තොරතුරු හෙළිවෙයි

1 year ago

2014 – 2017 වර්ෂවලට අදාළව එවකට සබරගමුව පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ මහීපාල හේරත් ප්‍රධාන අමාත්‍යංශය සහ සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියෙන් සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් පිළිවෙලින් ඉන්ධන ලීටර් 3000ක් ලබාගෙන තිබෙන බව කෝපා කමිටුවේදි අනාවරණය වී ඇත.

2014 – 2017 වර්ෂවලට අදාළව හිටපු මහ ඇමති මහීපාල හේරත් ප්‍රධාන අමාත්‍යංශයෙන් නිල වශයෙන් අනු අට ලක්ෂ පනස්දහස් එකසිය හැත්තෑවක් ලබාගෙන තිබෙන බවද කෝපා කමිටුවේදි අනාවරණය වී ඇත.

ඒ අනුව හිටපු මහ ඇමති මහීපාල හේරත්ට මසකට හිමිවන ඉන්ධන ලීටර් 1700 වෙනුවට ඉන්ධන ලීටර් 4700ක් භාවිත කර ඇති බවද කෝපා කමිටුවේදි අනාවරණය වී ඇත.

මේ අතර, කෝපා කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අරවින්ද සෙනරත් මන්ත්‍රීවරයා ඉල්ලා අස් වී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

විපක්ෂයට කෝපා කමිටුවේ සභාපති ධුරය ලබා දීමේ එකඟතාව මත මෙම ඉල්ලා අස්වීම සිදුව ඇත.

නවතම පුවත් (Latest News)