Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාව බයිට් එකට ගන්න එපා! හර්ෂ ද සිල්වාගෙන් ජනපතිට ආයාචනයක්!

1 year ago

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (7) පාර්ලිමේන්තුවේදී ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එම ප්‍රකාශය අතරතුර ජනපතිවරයා සඳහන් කළේ විපක්ෂය විසින් ආර්ථිකයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ව්‍යවසනකාරී සිහිනයක් දකින බවත් එම විනාශකාරී සිහිනය කිසිදු දිනක ඉටුනොවන බවයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා විසින් සිදුකළ ප්‍රකාශ කිහිපයක්ද ජනාධිපතිවරයා විසින් උපුටා දක්වන ලදි.

එහිදී ජනාධිපතිවරයා පැවසූවේ එම ප්‍රකාශ සියල්ලම මේ වනවිට අවලංගු වී ඇති බවයි.

කෙසේවෙතත් අවසන් මොහොතේදී නැගී සිටි හර්ෂද සිල්වා මහතා “මාව මෙතන තියන් බයිට් එකට ගන්න එපා ජනාධිපති තුමා” යැයි පවසමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

නවතම පුවත් (Latest News)