කෙන්යාවේ වෛද්‍ය ආධාර සපයන ගුවන් යානයක් (Air Ambulance) කඩාවැටී සිදු වූ අනතුරකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
එරට අගනුවර වන නයිරෝබි අසල නේවාසික ප්‍රදේශයකට මෙම යානය කඩාවැටී තිබේ.
එරට වේලාවෙන් ඊයේ (7) පස්වරුවේ පිටත් වූ මෙය, සෝමාලිලන්තය බලා පියාසර කරමින් තිබිය කඩාවැටී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ නියමුවා ඇතුළුව පුද්ගලයින් සිවුදෙනෙක් යානයේ සිට අතර, ඔවුන් සියලු දෙනාට දිවි අහිමි වී තිබේ.
සෙසු මියගිය දෙදෙනා යානය කඩාවැටෙන අවස්ථාවේ නේවාසික ප්‍රදේශයේ සිටි අය බව සඳහන්.
