Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘ගාසා සිටි’ අත්පත් කරගැනීමේ නෙතන්යාහුගේ සැලැස්මට අනුමැතිය

1 year ago

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් ගාසා නගරයේ හමුදා මෙහෙයුම් පුළුල් කිරීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ සැලැස්මක් අනුමත කර තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය ඊයේ (7) රාත්‍රියේ රැස්ව ඇති අතර, එහිදී නෙතන්යාහු විසින් ගාසා නගරය සම්පූර්ණ හමුදා පාලනයකට අත්පත් කරගැනීමේ අවශ්‍යතාව පැහැදිලි කර ඇති බව සඳහන්.

ගාසා භූමියට උතුරින් පිහිටි මෙම ගාසා නගරය හැරෙන්න, ඊශ්‍රායලය දැනටමත් ගාසා තීරයෙන් 75%ක් පමණ පාලනය කරනු ලබයි. ඒ හේතුවෙන් එහි දේශසීමා රැසක් ඔවුන් විසින් මුද්‍රා තබා තිබේ

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සටන්කාමී කණ්ඩායමේ ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් මාස 22ක් පුරා ක්‍රියාත්මක කරන ලද ප්‍රහාරයේ තවත් තීව්‍රතාවයක් සනිටුහන් කරමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

නෙතන්යාහු පවසා ඇත්තේ, ඊශ්‍රායලය මුළු ගාසා තීරයේම පාලනය අත්පත් කර ගැනීමට අදහස් කරන බවයි.

ගාසා තීරයේ හමාස් සහ අනෙකුත් කණ්ඩායම් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයින් පලස්තීන භූමිය දෙසට ගමන් කරමින් විරෝධතාවයේ නිරත වෙනවා.

ඔවුන් නෙතන්යාහුගේ වාර්තාගත සැලැස්මට විරුද්ධ වී තිබෙනවා.

නවතම පුවත් (Latest News)