හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ගොනු කරන ලද අපේක්ෂිත ඇප අයදුම්පත නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
පැහැරගැනීමක් සම්බන්ධයෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සෝදිසි කිරීමක් ආරම්භ කර තිබූ පසුබිමක උන්වහන්සේ මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවා.
අපේ ජනබල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
උන්වහන්සේ කියා සිටින්නේ 2020 මැතිවරණයෙන් පසු රතන හිමියන්ට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමට හැකි වූයේ තමන් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඊට අත්සන ලබා ගත් නිසා බවයි.
කොළඹ අපරාධ කොට්ඨාසය පසුගිය දින දෙකේ දී රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා ස්ථාන කිහිපයක් සෝදිසි කර ඇති අතර, සෝදිසි මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි.
