Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල්ගේ චෝදනාවලට නියෝජ්‍ය ඇමතිගෙන් පිළිතුරු

1 year ago

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(10) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් වත්මන් ආණ්ඩුව විසින් යෞවන සමාජ දේශපාලනීකරණය කරමින් සිටින බවට චෝදනා කළා.

ඔහු එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී තරුණ සේවා සභාවේ ජාතික සම්මේලනයේ ජාතික සම්මේලනයේ ලේකම්වරයා එක්සත් ජාතික පක්‍ෂයේ ගලගෙදර ආසන සංවිධායකවරයා ලෙස පත්කළ බවත් එවැනි ආකාරයට යෞවන සමාජ දේශපාලණීකරණය කළ රනිල් වික්‍රමසිංහ වර්තමාන ආණ්ඩුවට සාකච්ඡා කිරීමට උපදෙස් දෙන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කළා.

රටේ ජනතාව පරාජය කර ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් තරුණ සේවා සභාවේ ජාතික සම්මේලනයේ ලේකම් ධූරයේ සිටි තනුජ නවීන් නැමැති පුද්ගලයා 2024 වසරේ පාලිත රංගේ බණ්ඩාර මහත්මයා මැදිහත්ව ගලගෙදර ආසන සංවිධායකවරයා ලෙස පත්කළ බවත් ඔහු කියා සිටියා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කළ පසිඳු ගුණරත්න නැමැති හිටපු සභාපතිවරයා ‘යූත් සමිට්’ කියන තරුණ සේවා සභාව මහරගමදී සංවිධානය කළ වැඩසටහනේදී රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන ලෙස ප්‍රකාශ කළ බවත්, ජනාධිපතිවරණ සමයේදී රනිල්ව පිම්බීමට රුපියල් මිලියන 536 ක මුදල් වැයකර රටපුරා සංගීත ප්‍රසංග පැවැත්වූ බවත් ඔහු සඳහන් කළා.

නවතම පුවත් (Latest News)