හයිටි රාජ්‍යයේ අපරාධ කල්ලි සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළ යාමක් සිදුවී තිබෙනවා.
පවතින තත්ත්වය සළකා බලා එරට ප්‍රදේශ කිහිපයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එම හදිසි තත්ත්වය මාස 03ක කාලයක් සඳහා බලපැවැත්වෙන බවද එරට රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මේ වනවිට අර්බුදයකට මුහුණ පා ඇති කෘෂිකර්මාන්තය හා ආහාර හිඟතාවයට ඉක්මන් විසදුම් ලබාගැනීමට එම ක්‍රියාමාර්ගය උපයෝගී වනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
