Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මන්ත්‍රී ලියුමට වටිනාකමක් නොමැති නිසා නාමල් දුකින්

1 year ago

ආණ්ඩුව පසුගිය මාස ගණනාවක් තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිමය කරුණුවලදී ජනතාවට සුබ සිද්ධියක් සිදු වෙනවාද යන්න ගැටලුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ ආණ්ඩුව යෞවන සමාජවල සිට ගමේ මරණාධාර සමිතිය දක්වා දේශපාලනීකරණය කිරීම හා තමන්ගේ පක්ෂයේ අධිපත්‍ය පැතිරවීම සිදු කරමින් සිටින බවයි.

ආණ්ඩුවේ දේශපාලන ක්‍රමවේදය තුළ මන්ත්‍රීවරයකුගෙන් ලියුමක් රැගෙන කිසිඳු සේවාවක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ඔහු චෝදනා කළා.

පන්සලේ, පල්ලියේ, කෝවිලේ සංවර්ධනය අඩාල කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නවතම පුවත් (Latest News)