Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අගමැතිනිය ඉවත් කරන්න විශ්වාසභංගයක්? පැතිර යන කතාවේ ඇත්ත නැත්ත මෙන්න!

1 year ago

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පාර්ශ්වය තුළ සාකච්ඡා සිදුවෙමින් ඇති බව සමාජ ජාලවල වාර්තා පළවෙමින් තිබේ.

එසේ සිදුකළහොත් අග්‍රාමාත්‍යවරියට පක්ෂපාතීව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් ඇය වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි ද එම වාර්තා වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳව සොයා බැලීමකදී රජයේ ප්‍රබලයෙකු සඳහන් කළේ එවැනි කිසිඳු සූදානමක් නොමැති බවයි.

එය විපක්ෂයේ කණ්ඩායම් විසින් ආණ්ඩුව තුළ අර්බුද ඇති බව පෙන්වීම සඳහා ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බවයි ඔහු සඳහන් කළේ.

2012 වසරේදී ගුවන් ගත කරන ලද ‘SupremeSAT’ චන්ද්‍රිකාව පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විසින් මෑතකදී සිදු කරන ලද ප්‍රකාශයෙන් අනතුරුව මෙවැනි පුවත් සංසරණය වීම ආරම්භ විය.

නවතම පුවත් (Latest News)