දුප්පත් ජනතාවට සෞඛ්‍යාධාර ඇතුළු සහනාධාර ලබාදීම වෙනුවෙන් පිහිටුවන ලද ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබාගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් එම මුදල් කඩිනමින් අය කරගැනීම සඳහා රජය නීති අංශවලින් ද දැනටමත් කරුණු විමසා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව ලබා ගැනීම එම පනතේ වගන්ති ප්‍රකාරව නීති විරෝධී බව එම අංශ පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය කාලයේදී ජනාධිපති අරමුදලෙන් මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලඥයන් පිරිසකගේ දරුවන් ඥාතීන් සහ හිතවතුන් 72 කට වැඩි පිරිසකට රුපියල් කෝටි විස්සකට වැඩි වටිනා විදේශීය ශිෂ්‍යත්ව ලබාදී ඇතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණය කළේය.
