එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අතර ඇතිවූ මත ගැටුමක් මුල්කර ගනිමින් හොරණ නගර සභාව දින 14කට කල් තැබීමට සභාපතිවරයා කටයුතු කළා.
හොරණ නගර සභාවේ නගරාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීම පසුගිය 26 වනදා පැවැත්වුණා.
එහිදී ජාතික ජන බලවේගයට නගර සභාවේ බලය හිමිවූ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජෝස්ටන් පෝල් මන්ත්‍රීවරයා ජාතික ජන බලවේගයට සහාය පළකරමින් ඡන්දය භාවිත කළා.
පසුව ඔහු සිය ඉල්ලා අස්වීම භාරදී තිබූ අතර නව මන්ත්‍රීවරයෙකු ලෙස එක්සත් ජාතික පක්ෂයේ රජිව් ගුණසේකර නම්කර තිබුණා.
එහෙත් අද දිනයේ හොරණ නගර සභාව රැස්වීමේ දී ඉල්ලා අස්වූ මන්ත්‍රීවරයා මෙන්ම පසුව නම්කළ මන්ත්‍රීවරයා ද පැමිණ සිටීම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර මත ගැටුමක් ඇතිවුණා.
එක් මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වය වැඩිවීම හේතුවෙන් සභාව පවත්වාගෙන යාමට නොහැකි බව ප්‍රකාශ කරමින් සභාපති අනිල් ඉන්දික ප්‍රේමසිරි මහතා නගර සභාව දින 14කට කල් තැබීමට කටයුතු කළා.
