Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නියෝජ්‍ය ඇමති නාමල්ගෙන් අභියෝගයක්! ඔප්පු කළොත් මම ඇමතිකමෙන් අස්වෙනවා!

1 year ago

ගෙවුණු කාල සීමාවේදී තමන් මඩ හෝ ගොයම් කෑ බව ඔප්පුකර පෙන්විය හැකි නම් තමන් නියෝජ්‍ය ඇමතිකමෙන්ද ඉල්ලා අවස්වෙන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

” රුපියල් 78ක නිෂ්පාදන වියදමක් දරන ගොවියගෙ වී කිලෝ එක අද රජයේ මිලදී ගන්නවා රුපියල් 120කට. අද එහෙම තියෙද්දි එක එක පුරුචාරම් දොඩනවා සමහර අය. දැන් සමහරු ඇවිල්ල මේ අර එකෙක් ඇවිල්ලා මඩ කනවා. නාමල් කරුණාරත්න අපිත් එක්ක ඉඳගෙන මඩකෑවේ මෙන්න මෙහෙමයි. නාමල් කරුණාරත්න අපිත් එක්ක ඉඳගෙන ගොයම් කැපුවේ මෙන්න මෙහෙමයි කියලා කියලා ඌ කනවා . ඌ මඩත් කනවා ගොයමුත් කනවා. මම කියනවා මම කොතනකවත් ගොයම් කාලත් නෑ මඩ කාලක්නෑ. මඩ කාපු එකත් ගොයම් කාපු එකත් පුලුවන්නම් පෙන්නන්න මේ ඇමතිකමෙනුත් අයින් වෙනවා.

නවතම පුවත් (Latest News)