Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දියාවට එකවර ධාරාණිපාත වැස්සක්! 56ක් මරුට!

1 year ago

උතුරු ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයට ඊයේ (14) පස්වරුවේ එකවර ඇඳහැළුණු අනපේක්ෂිත ධාරාණිපාත වර්ෂාවක් සමග ඇති වූ ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

තවත් බොහෝ පිරිසක් සුන්බුන් යට සිරවී සිටින බවට විශ්වාස කෙරෙන හෙයින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් පවසන්නේ.

මේ වනවිට පුද්ගලයන් 160කට අධික පිරිසක් බේරාගෙන ඇති බවත් එම පුවත් වාර්තාවේ සඳහන්.

කිෂ්ට්වාර් හි හිමාලයානු මාතා චන්දි සිද්ධස්ථානය වැඳපුදාගැනීමට යමින් සිටි පිරිසක් මෙම අනපේක්ෂිත අනතුරට මුහුණපා ඇත.

මෙම අවාසනාවන්ත සිදුවීම පිළිඳ ශෝකය පළ කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි පැවසුවේ, විපතට පත් සෑම කෙනෙකුටම හැකි සෑම උපකාරයක්ම සිදුකරන බවය.

මේ සම්බන්ධයෙන් ඉන්දීය කැබිනට් අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිං X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, “පරිපාලනය වහාම ක්‍රියාත්මක වී ඇති අතර, බේරාගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට පිටත්ව ගොස් තිබෙනවා. හානිය තක්සේරු කිරීම, අවශ්‍ය බේරාගැනීම් සහ වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටිනවා.“ යනුවෙන්

නවතම පුවත් (Latest News)