Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති විජිත හේරත්ගේ ලේකම්ගෙන් CIDයට පැමිණිල්ලක්! සජබ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුට වැඩ වරදින ලකුණු!

1 year ago

ඇමැති විජිත හේරත් මහතාට අපහාස කිරීමේ අරමුණින් කෘත්‍රිම බුද්ධියෙන් සකස් කළ බව කියන වීඩියෝවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ (SJB) තරුණ ක්‍රියාකාරිකයෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අමාත්‍ය හේරත්ගේ සම්බන්ධීකරණ ලේකම් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව වාර්තා වන්නේ.

පැමිණිල්ලට අනුව, මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණේ පසුබිමක අමාත්‍ය හේරත්ට සමාන රූපයක් නිර්මාණය කිරීමට කෘත්‍රිම බුද්ධිය භාවිත කර ඇති බව සඳහන්ය.

මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

නවතම පුවත් (Latest News)