Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විපක්ෂයේ පක්ෂ නායකයන් අද හදිසියේම රැස්වීමට තීරණය කරති

1 year ago

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් සහ නියෝජිතයින්ගේ හදිසි රැස්වීමක් අද දවල් 12.00ට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන්.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් වී ඇති කරුණු සහ ආණ්ඩුවෙන් මීට ලැබෙන ප්‍රතිචාර මෙන්ම හෙට දිනයේදී පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙනවා.

නවතම පුවත් (Latest News)