Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාසාව අත්පත් කර ගැනීමේ සැලැස්ම ඊශ්‍රායලය අනුමත කරයි

1 year ago

විදෙස් මාධ්‍ය වාර්තා කරනුයේ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායෙල් කැට්ස් , ගාසා නගරය යටත් කර ගැනීම සඳහා හමුදාව විසින් සකස් කරන ලද සැලැස්මකට අනුමැතිය ලබා දී ඇති බවයි.

ඒ අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා අතිරේක හමුදා සේවා සංචිත සාමාජිකයන් 60,000ක් කැඳවීමට ද ඔහු අවසර දී ඇති බව සඳහන්.

මාධ්‍ය වාර්තා කරනුයේ මෙම තීරණය ගනු ලැබ ඇත්තේ, දින 60ක සටන් විරාමයක් සහ හමාස් සංවිධානය සතුව සිටින ප්‍රාණ ඇපකරුවන්ගෙන් අඩක් නිදහස් කිරීම සඳහා වූ යෝජනාවකට හමාස් සංවිධානයේ ප්‍රතිචාරය ඊශ්‍රායලය විසින් අධ්‍යයනය කරමින් සිටින මොහොතක වීම විශේෂත්වයක්.

නවතම පුවත් (Latest News)