Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

15 හැවිරිදි දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකුයට වසර 10ක සිරදඩුවමක්

4 years ago

15 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවකට වරදකරු වූ 64 හැවිරිදි පුද්ගලයෙකුට මාතලේ මහාධිකරණය විසින් අවුරුදු 10 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා.

මෙලෙස සිරදඩුවම නියම කර ඇත්තේ මාතලේ වෑවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටයි.

2008 වසරේ මැයි මස 05 වන දින අදාළ අපයෝජනය සිදුව ඇති අතර පසුව දැරියගේ දෙමාපියන් විසින් මේ පිළිබඳ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුවයි දීර්ඝ කාලයක් තිස්සේ විභාග කළ මෙම නඩුවෙහි තීන්දුව අද දින මාතලේ මහාධිකරණ විනිසුරු රෝහණ ජයවර්ධන විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ.

නවතම පුවත් (Latest News)