Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාමණ්ඩිය බෑණාට පිහියෙන් අනී! දුව – පියාට උදැල්ලෙන් පහර දෙයි! බෑණා මියයයි – මාමණ්ඩිය රෝහලේ!

4 years ago

හබරණ ප්‍රදේශයේ දී සිදු වූ පවුල් ආරවුලක් හේතුවෙන් මාමණ්ඩිය විසින් සිය බෑණාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

එම අවස්ථාවේ මරණකරුගේ බිරිඳ විසින් සැමියාට පහරදීම සිදු කළ තම පියාට උදැල්ලකින් පහර දී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

සිය දියණියගේ උදලු පහරින් තුවාල ලැබූ ඝාතනය සිදුකළ පියා රෝහල් ගත කර ඇති අතර සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මිය ගිය පුද්ගලයා ගැටහැත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

නවතම පුවත් (Latest News)