Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අතිරික්ත රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ජනපති ගත් නවතම තීරණය

4 years ago

අතිරික්තයක් සහිත රාජ්‍ය සේවය ආහාර සුරක්ෂිතතා වැඩසටහනට යොමුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, බැහැ නොකියා අදාළ වැඩසටහන සමග ඔවුන් එක්විය යුතු බවය. 

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණි.

පසුගියදා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නැංවූ, “කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” යන්න තේමා කරගත් බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ප්‍රගතිය දිස්ත්‍රික් මට්ටමින් විමසාබැලීම මෙහිදී සිදුකෙරුණි.

ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළව වගා කටයුතුවලදී පවතින බාධක හා ගැටලු මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ග්‍රාමීය මට්ටමින් සිදුකළ යුතු බෝග වගා හඳුනාගන්නා ලෙසත්, ආහාර හිඟතාවයෙන් පෙළෙන ප්‍රදේශ හඳුනාගෙන වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුනි.

එම තොරතුරු මත ආහාර බැංකු සහ ප්‍රජා මූල මුළුතැන්ගෙය යන වැඩසටහන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ලෙස ක්‍රියාත්මක කරන ලෙසටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණි.

PREVIOUS :

නවතම පුවත් (Latest News)