දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් අත්හිටුවන ලෙස ලොව ප්රමුඛ ආර්ථික විශේෂඥයින් පිරිසක් ඉල්ලීමක් කර ඇත.
නොබෙල් ත්‍යාග ලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ආර්ථික විශේෂඥයින් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියානු ආර්ථික විද්‍යාඥ ජයති ගෝෂ්, තෝමස් පිකට්, හිටපු ආර්ජන්ටිනාවේ ආර්ථික අමාත්‍ය මාටින් ගුස්මාන්, සහ Donut Economics කතුවරිය කේට් රාවරත් ඇතුළු විශේෂඥයින් මෙම ඉල්ලීමට අත්සන් කර තිබේ.
මෙම කණ්ඩායම පෙන්වා දී ඇත්තේ, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විශාල පාරිසරික හා ආර්ථික විනාශය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකාවට ණය ගෙවීම් කළමනාකරණය කළ හැකි මට්ටමකට යථා තත්ත්වයට පත් කිරීමට නව ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය බවයි.
ඉදිරියේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (IMF) තවත් ණය ලබාගැනීමට සිදුවන බවද ඔවුන් අවධාරණය කරමින්, බාහිර ණය ගෙවීම් වහාම අත්හිටුවා නව තත්ත්වයන් යටතේ ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදුකරන ලෙස ඉල්ලා ඇත.
