Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

 ඉන්දියාව හමුවේ දණ නැමූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

11 months ago

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත 20-20 තරගාවලියේ තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම තරග 3-0ක් ලෙස ජයගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුණා.

ඒ දෙරට අතර පැවති තුන් වැනි 20-20 තරගයෙනුත් කඩුලු 8ක විශිෂ්ට විශිෂ්ට ජයක් ලබමින්.

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියාව අතර තුන්වැනි 20-20 ක්‍රිකට් තරගය ඊයේ තිරුවානන්තපුරම්හි පැවැත්වුණා.

එහිදී තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයේ දී වෙනස්කම් තුනක් සිදුකර තිබූ අතර වමත් දඟ පන්දු යවන ක්‍රීඩිකා නිමේෂා මීපගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල විස්සයි විස්ස ජාත්‍යන්තර වරම් හිමි කර ගත්තා.

ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසනයේ දී කඩුලු 7ක් දැවී රැස් කරගැනීමට හැකි වුණේ ලකුණු112ක් පමණයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගාවලිය පුරාවට දුර්වල දියාරූ පිතිකරණයක නිරත වූ අතර පැවති තරග තුනේදීම ලකුණු 130 සිමාව පසුකරයාමට ඔවුන්ට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේදී රේණුකා සිං කඩුලු 4ක් බිඳ හෙලුවා.

ලකුණු 113ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් පන්දුවාර 13පන්දු 2 කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 115ක් ලබා තරගය පහසුවෙන් ජයගත්තා.

ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබූ ඉන්දීය ක්‍රීඩිකාවන් තරග 5 කින් සමන්විත 20-20 තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම තරග 3-0ක් ලෙස ජයගැනීමට සමත් වුණා.

නවතම පුවත් (Latest News)