ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 තරග 3කින් යුත් ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්තාන ක්‍රිකට් ආයතනය අද (28) 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම සංචිතයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ පකිස්තාන කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් වන බාබර් අසාම්, ශහීන් අෆ්රිඩි, හරිස් රවුෆ් සහ මොහොමඩ් රිස්වාන් හට සංචිතයේ ස්ථානය අහිමි වීමයි.
එසේම ආබාධයකට ලක්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක ෂදාබ් ඛාන් නැවතත් සංචිතයට එක්ව තිබෙනවා.
පකිස්ථාන 20යි 20 සංචිතයට සල්මන් අලි ආගා (නායක), අබ්දුල් සමාද්, අබ්රාර් අහමඩ්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, කවාජා නෆේ, මොහොමඩ් නවාස්, මොහොමඩ් සල්මන් මීර්සා, මොහොමඩ් වසීම් ජූනියර්, නසීම් ෂා, සහිබ්සාදා ෆර්හාන්, සයිම් අයියුබ්, ෂදාබ් ඛාන්, උස්මාන් ඛාන්, උස්මාන් තාරික් ඇතුළත් වනවා.
