Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටඉඳි සඳහා බදු සහන

11 months ago

රාමසාන් උපවාස සමයේදී නොමිලයේ බෙදා හැරීම සඳහා ගෙන්වනු ලබන රටඉඳි සඳහා නොමිලේ බදු සහන ලබා දීම සඳහා ඉදිරිපත් වූ කැබිනට් යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙරව රාමසාන් උපවාස සමග 2026-01-19 දිනෙන් ආරම්භ වී එළැඹෙන වසරේ මාර්තු 31න් අවසන් වීමට නියමිතව ඇත.

රාමසාන් උපවාස සමයේදී ඉස්ලාම් මැතිමතුන් විසින් විශේෂයෙන් ආහාරයට ගනු ලබන රටඉඳි ඔවුන්හට නොමිලයේ බෙදා හැරීම සඳහා වාර්ෂිකතව රාජ්‍ය තාන්ත්‍රිකව‍, සංවිධාන මට්ටමෙන් සහ පුද්ගල මට්ටමින් පරිත්‍යාග හෝ ත්‍යාග වශයෙන් ලබා දෙනු ලැබෙන අතර ඒවා විදේශ විනිමය වැය නොවන පදනමින් මෙරටට ආනයනය කළ යුතුව ඇත.

ඒ අනුව රාමසාන් උත්ුසව සමය තුළ පරිත්‍යාග සහ ත්‍යාග වශයෙන් මෙරටට ආනයනය කරනු ලබන රටඉඳි සඳහා බදු සහනයක් ලබා දීම පිණිස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

නවතම පුවත් (Latest News)