Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

T20 ලෝක කුසලානය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරේ

11 months ago

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහාවන ඇෆ්ගනිස්තානය සංචිතය අද (31) ප්‍රකාශයට පත්කළේය.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වයට රෂීඩ් ඛාන් පත්කර ඇත.

අවසන්වරට පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූ අතර, එය ඔවුන් ICC තරගාවලියක එතරම් දුරක් ගිය පළමු අවස්ථාව විය. 

එහිදී ඔවුන් නවසීලන්තය, බ.ඉ. කොදෙව්, ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය වැනි ලෝක ශ්‍රේණිගතකිරීම්හි ඉහළින්ම සිටි කණ්ඩායම් රැසක්ම පරාජය කළහ.

ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්තානය මූලික වටයේ දී ‘D’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, එහිදී ඔවුන් නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කැනඩාව සමග ක්‍රීඩාකිරීමට නියමිතය.

ඇෆ්ගනිස්තාන සංචිතය

රෂීඩ් ඛාන් (නායක), ඊබ්‍රාහිම් සද්‍රාන් (උපනායක), රහ්මනුල්ලාහ් ගුර්බාස් (විකේ), මොහොමඩ් ඉෂාක් (කඩුලු රකින්නා), සෙදිකුල්ලාහ් අටාල්, ඩර්විෂ් රසූලි, ෂහිදුල්ලාහ් කමල්, අස්මතුල්ලාහ් ඔමර්සායි, ගුල්බඩින් නයිබ්, මොහොමඩ් නබි, නූර් අහ්මඩ්, මුජීබ් උර් රහ්මාන්, නවීන් උල් හක්, ෆසල්හක් ෆාරුකි සහ අබ්දුල්ලා අහ්මඩ්සායි

අතිරේක – ඒ.එම්. ගසන්ෆර්, ඉජාස් අහ්මඩ්සායි සහ සියා උර් රහ්මාන් ෂරීෆි

නවතම පුවත් (Latest News)