ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සත්කාරකත්වය දරන ICC පිරිමි T-20 ලෝක කුසලානට සූදානම් වන කොළඹ SSC ක්‍රීඩාංගණ සංවර්ධනය සඳහා රුපියල් බිලියන 1.7ක් වැය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මේ යටතේ දිවා-රාත්‍රී ජාත්‍යන්තර තරග පැවැත්වීමට හැකි අති නවීන LED ආලෝක පද්ධතියක් අති නවීන LED විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපනය කර තිබෙනවා.
නවීකරණය කළ ක්‍රීඩක විවේකාගාර සහ තරග තීරකවරුන්, තෙවන විනිසුරුවන් සහ නිලධාරීන් සඳහා කාර්යාල පහසුකම්ද ස්ථාපිත කර ඇත.
ප්‍රේක්ෂක ධාරිතාව ඉහළ නැංවීමටද දිගුකාලීන සැලසුම් සකස් කර තිබේ.
