2026 ICC පිරිමි T20 ලෝක කුසලානය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම සත්කාරකත්වයෙන් පෙබරවාරි මස පැවැත්වීමට නියමිතයි.
ලෝක කුසලානය සඳහා වන ඇමරිකා එක්සත් ජනපදයේ (USA) සංචිතය මේ වනවිට නම් කර ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ශෙහාන් ජයසූරිය ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින තරග 12කට ක්‍රීඩා කර ඇති ෂෙහාන් ඉනිම 10කදී එක්දින ලකුණු 195ක් රැස්කර ඇත.
විස්සයි20 ජාත්‍යන්තර තරග 18කදී ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 241කි.
