ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ උපදෙස් මත කොල්කටා නයිට් රයිඩර්ස් සංචිතයෙන් බංග්ලාදේශ වේගපන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් ඉවත් කිරීමෙන් පසුව අයි.පී.එල් තරග බංග්ලාදේශය තුළ විකාශනය නවතා දැමීමේ සූදානමක් පවතින බවට ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ.
බංග්ලාදේශයේ හින්දු සුළුතරයන්ට පහරදීම් පිළිබඳ වාර්තා මධ්‍යයේ බංග්ලාදේශ ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් සංචිතයෙන් ඉවතට දමන ලෙස ඉන්දියාව තුළ පසුගිය දින කිහිපයේ දැඩි මතවාදයක් ගොඩ නැඟුනා.
2026 IPL වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් මුස්තෆිසුර් රහ්මාන්ව ඉන්දීය රුපියල් කෝටි 9.20 කට මිලදී ගන්නා ලදි.
2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිතයි.
