Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද තරගයේදී කුසල් මෙන්ඩිස්ගෙන් තනතුරු පූජාවක්

11 months ago

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අද (07) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

තරගාවලිය ආරම්භයට පෙර දෙරටේ නායකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (06) පැවැති නිල මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගළ පිළිබඳව විශේෂ අනාවරණයක් සිදු විය.

පැතුම් සහ කාමිල් යුගළටම අවස්ථාව

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පාකිස්ථානයේ පැවැති තුන්කොන් තරගාවලියේදී කටයුතු කළ පැතුම් නිස්සංක සහ කාමිල් මිශාර ඉදිරියටත් එම ස්ථානයේම ක්‍රීඩා කරවීමට බලාපොරොත්තු වන බව නායක දසුන් ශානක මෙහිදී අවධාරණය කළේය.

කාමිල් මිශාර පසුගිය තරගාවලියේදී දැක්වූ දක්ෂතා පිළිබඳව නායකයා සිය ප්‍රසාදය පළ කළ අතර, කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩකයින් සිදුකරන කැපකිරීම් ද අගය කළේය.

කුසල් මෙන්ඩිස්ගෙන් තනතුරු පූජාවක්

මෙහිදී දසුන් ශානක පවසා සිටියේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් තරුණ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් සිය ස්ථානය කැප කර ඇති බවයි.

“කාමිල් මිශාර පසුගිය තරගාවලියේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. විශේෂයෙන්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරද්දී තමන්ගේ ස්ථානය කැප කිරීමට සිදුවන අවස්ථා එනවා. කුසල් මෙන්ඩිස් තමන්ගේ ආරම්භක පිතිකරු ස්ථානය කාමිල්ට ලබා දීලා, අංක 03 පිතිකරු ලෙස වගකීම භාරගෙන තිබෙනවා. එය ඉතාමත් හොඳ දෙයක්. මම හිතන්නේ ඔවුන් දෙදෙනාම එම ස්ථානවල දිගටම ක්‍රීඩා කරයි.”

මෙම පියවර මඟින් ශ්‍රී ලංකා මැදපෙළ ශක්තිමත් වනු ඇති බවත්, අද ආරම්භ වන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම උපරිම සූදානමකින් පසුවන බවත් නායකයා වැඩිදුරටත් කියා සිටියේය.

නවතම පුවත් (Latest News)