ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික වාර්තාවන්ට අනුව එක්සත් ජනපද ඩොලරයේ අගය අද (07) දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate) රුපියල් 310.02ක් ලෙස සටහන් විය.
මෙය 2024 පෙබරවාරි 29 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය රුපියල් 310 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙස වාර්තා වේ.
මහ බැංකුව විසින් අද(7) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල ගණන් මෙසේය:
- ගැණුම් මිල: රු. 306.28
- විකුණුම් මිල: රු. 313.81
මහ බැංකු වාර්තාවන්ට අනුව පසුගිය 2025 වසර තුළදී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරය හමුවේ 5.6% කින් අවප්‍රමාණය වී ඇත. අද දින වාර්තා වූ මෙම අගයත් සමඟ රුපියලේ අගය තවදුරටත් පීඩනයකට ලක්ව ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
