වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ පාරිභෝගික විශ්වාසය දිනාගත් ෆෙරෙන්ටිනෝ ටයර් සංස්ථාව (Ferentino Tyre Corporation), People Pinnacle සම්මාන උළෙලේදී “2025 වසරේ විශිෂ්ටතම ටයර් සන්නාමය” (Best Tyre Brand of the Year 2025) ලෙස සම්මානයට පාත්‍ර වී ඇත.
ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ දිනපතා රථවාහන පදවන ජනතාවගේ නොමඳ සහයෝගය වෙනුවෙන් පවතින කැපවීම මෙම ජයග්‍රහණය හරහා මනාව පිළිබිඹු වේ. “දෙවසරක ගමනක් – නොබිඳෙන විශ්වාසයක්” යන්න තේමා කරගනිමින් ෆෙරෙන්ටිනෝ සමාගම ශ්‍රී ලාංකීය වෙළඳපොළ තුළ සිය ආධිපත්‍යය තහවුරු කර ඇත.
තිරසාරත්වය වෙනුවෙන් ලද ඇගයීම මීට අමතරව, පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලිය සහ තිරසාර අනාගතයක් උදෙසා දක්වන දායකත්වය අගයමින් පිරිනමනු ලබන “තිරසාරභාවය සහ පාරිසරික විශිෂ්ටත්වය සඳහා වූ සහතිකය” (Certificate of Excellence for Sustainability & Environmental Excellence) ද දිනා ගැනීමට එම සමාගම සමත් විය. ශ්‍රී ලංකාවට හරිතවත් අනාගතයක් උරුම කර දීම සඳහා සමාගම දක්වන උනන්දුව මෙහිදී ඇගයීමට ලක්විය.
තම නිෂ්පාදන කෙරෙහි විශ්වාසය තැබූ සියලුම පාරිභෝගිකයන්ට කෘතඥතාව පළ කරන ෆෙරෙන්ටිනෝ සමාගම, ඉදිරියටත් විශිෂ්ටතම ගුණාත්මකභාවයෙන් යුතු ටයර් ලාංකීය ජනතාවට තිළිණ කිරීමට අපේක්ෂා කරයි.
